මො/කන්ද උඩ පංගුව මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම 

ලෝක ගුරු දින සැමරුම 

වාර්ෂික අධ්‍යාපන චාරිකාව

sdinner.png
sdinner.png

Latest News

2024 සමස්ත ලංකා පාසල් එල්ලේ ක්‍රීඩා තරගාවලියේ තෙවන ස්ථානය

2024 සමස්ත ලංකා පාසල් එල්ලේ ක්‍රීඩා තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට මො/කන්ද උඩ පංගුව  මහා විද්‍යාලය වන අප පාසලේ ක්‍රීඩිකාවන් හට හැකි වූ අතර ඔවුන්  විදුහල් මාතාවගේ කීර්තිය දිනෙන් දින ඉහළට ම ගෙන යයි .මේ සදහා විද්‍යාලයේ ළහිරු ගුරුතුමා හා සුදත් බණ්ඩාර ගුරුතුමා  ඇතුළු ගුරු මණ්ඩලයේ මනා කැපවීම හා දායකත්වය ලැබී ඇති අතර විද්‍යාලයේ විදුහල්පතිතුමා වන T.W.සුදත් සිරි දර්ශන මහතාගෙන්ද විශාල දායකත්වයක් ලැබුණි.

2024 වර්ෂය සඳහා තෝරාගත් ශිෂ්‍ය නායක/නායිකාවන් සඳහා නිළ ලාංඡන පැළඳවීම

2024 අගෝස්තු මස 26 වන දින 2024 වර්ෂය සඳහා තෝරාගත් ශිෂ්‍ය නායක/නායිකාවන් සඳහා නිළ ලාංඡන පැළඳවීමේ සහ සහතිකපත් ලබා දීමේ උත්සවය සියලුම ශිෂ්‍ය නායක නායිකාවන්ගේ සහ ගුරුවරුන්ගේ සහයෝගයෙන් සාර්ථකව සිදු වුණි.

වාර්ෂික  විනෝද චාරිකාව

2024 අගෝස්තු 2 වන දින මො/කන්ද උඩ පංගුව මහා විද්‍යාලයේ 11 ශේණියේ සිසුන් රැගෙන වාර්ෂික  විනෝද චාරිකාවක් ගිය අතර මෙවර 2024  සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් මේ සඳහා සහභාගි කරගැනුණි . මේ සඳහා විද්‍යාලයේ ගුරුවරුන් 5 දෙනෙකු පමණ සහභාගී වූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය , පේරාදෙණිය උද්භිත උද්‍යානය ,  ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනය ආදිය ප්‍රධාන නැරඹුම් ස්ථාන විය.