ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශී ලේකම් කොට්ඨාසයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම ආලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
වර්ෂ 1964 ජුනි 22 වැනි දින කන්ද උඩ පංගුව ගම්මානයේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ J.M.ජයවර්ධන මහතාය.එතුමන් සිසු දරුවන් 88 දෙනෙකුට ස්වේච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සිදු කර ඇත. පාසලේ මුල් ම ශිෂ්‍යයා ලෙස R.M.උක්කුබණ්ඩා සිසුවා ද මුල් ම ශිෂ්‍යාව ලෙස D.M.සුදු මැණිකා සිසුවිය ද පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වුණි.ගම්වැසියන්ගේ ද පාසලේ නිර්මාතෘ වරුන් වන T.U.කිරිබණ්ඩා,T.W.මුතු මැණිකා , D.M.රතුරාල ,J.M.විජේරත්න හා J.M.ජයවර්ධන යන අයගේ දායකත්වයෙන් පාසල පවත්වාගෙන යන ලදී.1965 සැප්තැම්බර් 1 වන දින පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර පසු කාලීනව නව ගොඩනැගිලි සහ නව ගුරුවරුන් ද පාසලට එකතු විය.
මෑත කාලීනව විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂී දායකත්වයක් ලැබුණු යුගය වන අතර ක්‍රීඩා පිටියක්,විද්‍යාගාරයක් , පුස්තකාලයක් , තොරතුරු තාක්ෂණාගාරයක්,ක්‍රීඩා මණ්ඩපයක් සහ නවීන පන්ති කාමර රැසක් ද පාසලට එකතු විය.විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය හා ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වේ.තවද පාසල් මාධ්‍ය ඒකකය , වෙබ් සංවර්ධන කණ්ඩායම හා තවත් බොහෝ ඒකක අප පාසලේ සක්‍රීයව පවත්වාගෙන යයි.මීට අමතරව මේ වන විට පාසලේ ගණිතාගාරයක් ද ඉදි වෙමින් පවතී.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා , සමිති සමාගම්, විවිධ ආගමික වැඩසටහන් , නායකත්ව පුහුණු වැඩසටහන් ,මාධ්‍ය ඒකකය ,ශිෂ්‍යනායක මණ්ඩලය ,ශිෂ්‍ය භට , විවිධ ප්‍රසංග සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
ආචාර්ය මණ්ඩලය 47ක් වන අතර අනධ්‍යන කාර්යය මණ්ඩලය 3කින් සමන්විත වේ .එක්දහස් තිස්පහක් පමණ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළටම ඔසවා තැබීම සදහා එම කාර්යය මණ්ඩලය නිරන්තරව ම ඇප කැප වී සිටී."සමබර පෞරුෂයකින් හෙබි නිර්මාණශීලි පුරවැසියෙක් " යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙන් උර ගැටෙමින් සෑම අතින් ම ජයග්‍රහණ කරා පියමැනීමට අධ්‍ය,අනධ්‍යන කාර්යය මණ්ඩලය ද දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි.සෑම වසරකම කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛත්වයට ළඟාවීම අප පාසලේ අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1964 ජුනි 22 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
88 |
|
මුල් ගුරුතුමාගේ නම |
J.M.ජයවර්ධන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
J.M.ජයවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මො/කන්ද උඩ පංගුව මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
J.M.ජයවර්ධන මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1965 සැප්තැම්බර් 01 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කන්ද උඩ පංගුව |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
R.M.උක්කුබණ්ඩා |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
D.M.සුදු මැණිකා |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1964 ජුනි 22 |





