මො/කන්ද උඩ පංගුව මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම 

ලෝක ගුරු දින සැමරුම 

වාර්ෂික අධ්‍යාපන චාරිකාව

sdinner.png
sdinner.png

විදුහල්පති පණිවිඩය

ටී.ඩබ්.සුදත් සිරි දර්ශන මහතා

1964 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම විද්‍යාලයේ 14 වන විදුහල්පතිවරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබීම ගැන මා ආඩම්බර වෙමි. ආරම්භයේ සිට පහේ පන්තියට පාසල පත්වන තෙක් පාසලේ උන්නතියට කටයුතු කළ අතීත විදුහල්පතිතුමාලා , ගුරුවරුන් , දෙමාපියන් මේ අවස්ථාවේදී මා ඉතා ලෙන්ගතුකමින් සිහිපත් කරන්නෙමි.
මෙය අති දුෂ්කර පාසලක් වුවද ජාතික මට්ටම හා  සමව   මෙහෙයවීමේ භාරදූර කාර්යය මා සතුව ඇත.ඒ සදහා බොහෝ අසීරුතා මධ්‍යයේ මා කටයුතු කළේ ඉහළ නිළධාරීන්ගේද සහෝදර ගුරුභවතුන්ගේද දෙමාපියන්ගේද ආදි ශිෂ්‍යයින් ඇතුළු සුභ පතන්නන්ගේද සහයෝගය මතයි.
වර්තමාණය වන විට මාගේ උත්සාහය මල්ඵල දරමින් තිබේ. අද වන විට සිසුන් දහසකට අධික පිරිසක් මෙහි පහස ලබන අතර උ/පෙළ කලා , වාණිජ අංශ වලින් සමන්විත වේ . ශිෂ්‍යත්ව , සාමාන්‍ය පෙළ , උසස් පෙළ ප්‍රතිඵල පැසසිය යුතු මට්ටමක පවතින අතර නර්තනය , ක්‍රීඩා , ශිෂ්‍ය භට ආදී සෑම අංශයකින් ම ඉදිරියට ගොස් ඇත . පළාත් මට්ටමින් ඵලදායි සම්මානයෙන් ද පිදුම් ලැබූ මේ විද්‍යාලය  ප්‍රවර්ධනය සදහා  "A" ශ්‍රේණිය ලබා ගෙන තීබීම ගැන මට භාග්‍යකි.
ජාතික අධ්‍යාපන අරමුණු කරා පාසල ළගා කරවමින් ප්‍රදේශයේ දුවා දරුවන්ට ලෝකය දකින්නට ආලෝකය සපයන කන්ද උඩ පංගුව විදුහල් මාතාව සැමදා වැජබේවායි මා පතමි.

ටී.ඩබ්.සුදත් සිරි දර්ශන මහතා
විදුහල්පතිතුමා
මො/කන්ද උඩ පංගුව මහා විද්‍යාලය.