මො/කන්ද උඩ පංගුව මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම 

ලෝක ගුරු දින සැමරුම 

වාර්ෂික අධ්‍යාපන චාරිකාව

sdinner.png
sdinner.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඩී.එම්.පත්මාවතී මිය

ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැණ ගුණ ඔප් නංවන කන්ද උඩ පංගුව විද්‍යාලය දීප්තිමත් පාසලක් ලෙස ඉදිරියට ගමන් කරමින් ඇත.මෙහි නියමුවා ලෙස කටයුතු කරන වර්තමාන විදුහල්පති ගරු සුදත් සිරි දර්ශන මැතිතුමාගේ මග පෙන්වීමෙන් ඇදුරු මඩුල්ලේ සහයෝගයෙන් දිනෙන් දින ම මේ පාසල ඉදිරියට පිය මං කරනු ලැබේ.
මෙවැනි පාසලක සේවය කිරීමට ලැබීම ගැන මා තුළ ඇත්තේ සතුටකි.ගරු විදුහල්පතිතුමා මේ පාසලේ ඉදිරි කටයුතු සදහා දරන සෑම උත්සාහයක දීම මාගේ නොමඳ සහයෝගය ලබා දෙනු ලබමින් විදුහල් මාතාවගේ අභිවෘද්ධිය අපේක්ෂා කරමිනි. ජාත්‍යන්තරය දක්වාම විදුහල් මාතාවගේ නාමය ගමන් කර ඇත.එය තව තවත් තහවුරු කරමින් ඉදිරියට ගමන් කිරීමට විදුහල් මෑණියනි ඔබට හැකි වේවායි මා පතමි.

ඩී.එම්.පත්මාවතී මිය
නියෝජ්‍ය විදුහල්පතිතුමිය
මො/කන්ද උඩ පංගුව මහා විද්‍යාලය.